Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට සිදු වූ පාඩුව

7 months ago

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානයට අතිවිශාල ආර්ථික හානියක් සිදුව ඇති බව ඉරාන රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ඉරාන රජයේ මාධ්‍ය ප්‍රකාශක ෆාතිමා මොහජරානි මහත්මිය සඳහන් කළේ, දැනට සිදුකර ඇති මූලික ගණන් බැලීම්වලට අනුව මෙම හානිය අමෙරිකානු ඩොලර් බිලියන 270ක් පමණ වන බවයි.

කෙසේ වෙතත්, හානියට පත් වූ දේපළ සහ යටිතල පහසුකම් පිළිබඳ තවදුරටත් ගණන් බැලීම් සිදු කරන බැවින්, මෙය අවසාන තීරණය නොවන බවත් එම අගය තවදුරටත් ඉහළ යා හැකි බවත් ඇය අවධාරණය කළාය.

ඉදිරියේදී ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලදී මෙම යුද හානි සඳහා වන්දි ලබා ගැනීම ඉරාන රජයේ ප්‍රධානතම ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව ද මාධ්‍ය ප්‍රකාශකවරිය වැඩිදුරටත් සඳහන් කළාය.