Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

7 months ago

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරන තර්ජන සහ සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට දැඩි හානි සිදුවෙමින් පවතින බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් පවසයි.

සිය ‘X’ ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් කථානායකවරයා අවධාරණය කර ඇත්තේ, ඇමරිකාව උත්සාහ කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේසය “යටත් වීමේ මේසයක්” බවට පත් කර ගැනීමට බවයි. විවිධ පීඩනයන් එල්ල කරමින් ඉරානය සාකච්ඡා සඳහා පොළඹවා ගැනීමට වොෂින්ටනය දරන උත්සාහය හමුවේ, කිසිදු පීඩනයකට යටත්ව සාකච්ඡා කිරීමට තම රට සූදානම් නොමැති බව ඔහු පවසා සිටී.

පවතින නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වුවහොත්, එයට මුහුණ දීම සඳහා යුද පිටියේදී නව උපාය මාර්ග එළිදැක්වීමට ඉරානය සූදානම්ව සිටින බවට ද ඔහු මෙහිදී අනතුරු ඇඟවීමක් කළේය.

මෙම ප්‍රකාශයත් සමඟ ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින දේශපාලන හා හමුදාමය නොසන්සුන්තාව යළිත් වරක් දැඩි ලෙස උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාකලාපය කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් වී ඇති බවට ද ඉරාන පාර්ශවය දිගින් දිගටම චෝදනා නගමින් සිටී.