එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පත් කිරීමටද සැලසුම් කර ඇත.
රවි කරුණානායක මහතා මහලේකම් ධුරයට පත් කිරීමෙන් පසුව ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
