Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනියම් බිරිඳ බැලීමට ගිය 24 හැවිරිදි තරුණයාට ස්වාමි පුරුෂයා ගස් බැඳ පහර දෙයි! තරුණයා මරුට!

4 years ago

අනියම් බිරිඳ මුණගැසීමට ගිය පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් රත්නපුර –
හීදැල්ලන ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඊයේ අලුයම රත්නපුර පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ රත්නපුර – හීදැල්ලන ප්‍රදේශයේදී
තරුණයෙකුට ගසක බැඳ අමානුෂික ලෙස පහර දී ඇති බවටයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් පැය කිහිපයකට පසු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස මියගියේ 24 හැවිරිදි කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු හීදැල්ලන ප්‍රදේශයේ කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇය මුණගැසීමට ගිය අවස්ථාවේ සැමියා විසින් පහර දී ගසක ගැට ගසා ඇති බවටයි වැඩිදුර පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ.