2023 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ප්‍රකාශයේ සජීවී විකාශය පහතින්.
- සෙස් බද්ද 2023 ජනවාර් 1 වනදා සිට වසර 03 කින් ක්‍රමානුකූලව ඉවත් කෙරෙන අතර වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද වසර 05 කින් ඉවත් කෙරේ.
- ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රථමයෙන් පියවර ගැනීම
- අපනයනය ප්රමුඛ නිෂ්පාදන දිරිගැන්වීමට කෘෂි ව්‍යවසාය ගම්මාන 10 ක් ස්ථාපිත කිරීම යෝජනා කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට යෝජනා කිරීම.
- බස්නාහිර , වයඹ , හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළත් නව ආර්ථික කළාප රැසක් මේ සඳහා විශේෂ නීති රාමුවක්.
- බදුල්ල, කුරුණෑගල හා පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීමට යෝජනා කිරීම.
- අවිධිපත් කුටම්භ ව්‍යාපාරවල නියැලෙන තරුණ කාන්තා ව්‍යවසාකයින් දිරිගැන්වීමේ වැදගත්කම හඳුනාගනිමින්, නව ණය යෝජනා ක්‍රමයක් හ හඳුන්වාදීම.
- මෝටර් වාහන එකලස් කිරීම සිදු කරනු ලබන ආයතන විසින් අවම වශයෙන් 25% ක දේශීය අගය එකතු කරන සහ එයට අවශ්‍ය කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන සඳහා පමණ් සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට කටයුතු කිරීම.
- මෝටර් වාහන එකලස් කිරීම සිදු කරනු ලබන ආයතන විසින් අවම වශයෙන් 25% ක දේශීය අගය එකතු කරන සහ එයට අවශ්‍ය කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන සඳහා පමණ් සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට කටයුතු කිරීම.
- විද්‍යුත් මෝටර් කාර් එකලස් කිරීම මෙන්ම, දේශීය භාවිතය ප්‍රචලිත කිරීම සඳහා දිරිගැන්වීම් සිදුකරනු ලැබේ.
- රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
- රැඳවියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන 100 ක් වෙන්කර තිබෙනවා.
- ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබාදෙන්නට කටයුතු කරනවා.
- මද්‍යසාර නිෂ්පාදන වල ගුණාත්මකභාවය බැලීම සඳහා අලුත් අලුත් ආයතනයක් පිහිටුවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරනවා.
- වන ගහනය කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වය ලබා ගන්නවා.
- දේශගුණය වෙනස්වීම පිළිබඳ පිළිබද ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවනවා.
- ත්‍රෛලෝක විජය පත්‍ර බෝග අපනයන සඳහා නිෂ්පාදනය කිරීම. ඒවා අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි යෝජනා කරනවා මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරනවා.
- පොල් ඉඩම් කැබලි කිරීම කාලයකට සීමා කරනවා. දැනට පවතින්නේ අක්කර 4ක් ලෙසයි. කෘෂි ව්‍යවසායක ගම්මාන දහයක් ස්ථාපිත කරනවා.
- ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක් පිහිටුවනවා.
- තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි ශ්‍රේෂ්ඨ ශක්තිමත් කිරීම සඳහා චීන එක්සිම් බැංකුවෙන් රජය ලබා ගන්නා ලද ණය දෙසැම්බර් අවසානය වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුන්වනු ඇත.
- භාවිතා නොකරන ඉඩම් දිගු කාලීන බදු පදනම මත අපනයන බෝග වගා කිරීමට යොදා ගන්නවා.
- ඩිජිටල් තාක්ෂණය සඳහා සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ආදිය ඇතුළත් වන පරිදි ඩිජිටල් තාක්ෂණ කර්මාන්ත අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සඳහා මණ්ඩලයක් පත් කරනවා.
- කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවනවා.
- සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනයට රුපියල් මිලියන 50 වෙන් කරන අතර ක්‍රීඩා ආශ්රිත සංචාරක කර්මාන්තය සඳහා ජලය මත ලිස්සා යාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා කරනවා.
- ග්‍රාමීය පාසල් පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මිලියන 200 ක් වෙන් කර තිබෙනවා.
- පේරාදෙනිය රුහුණ සහ යාපනය විශ්ව විද්‍යාලවලත් පශ්චාත් උපාධි ආයතන ආරම්භ කරන ලෙස රුපියල් බිලියන 60 ක් වෙන් කර තිබෙනවා.
- විශ්වවිද්‍යාල උපාධි සඳහා තත්ව සහතික මණ්ඩලයක් ඇති කරනවා.
- උසස් පෙළ විභාගයේ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබන හැත්තෑපස් දෙනෙකු සඳහා විදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව 75ක් ලබාදීමට කටයුතු කරනවා. මේ සඳහා අරමුදල් ජනාධිපති අරමුදලෙන් වෙන් කරනවා.
- විශ්වවිද්‍යාලවල උසස් අයුරින් අධ්‍යාපනය ලබන සිසුන් 75ක් සඳහා විෂය විදේශ විශ්ව විද්‍යාල වල පශ්චාත් උපාධිය හැදෑරීමට අවස්ථාව දෙනවා.
- ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ ද අලුතින් වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.
- ලංකා ඉතිහාසය හා පර්යේෂණය කිරීම සඳහා පිහිටුවීමට ආයතනයක් පිහිටුවනවා ඒ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කරනවා.
- රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වැය කළ යුතුයි සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා. එම නිසා ගැලපෙන පරිදි රාජ්‍ය සේවය සැපයීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනවා.
- බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජනා කරන අතර ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කළ යුතුයි.
- පෞද්ගලික දත්ත සැකසුම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවනවා.
- පෞද්ගලික අංශ සේවකයන්ට රක්ෂණාවරණයක් සකස් කරනවා.රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට ලබාදීමට යෝජනා කරනවා.
- සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.
- බීඩියක් මත රුපියල් දෙකක බද්දක් පනවනවා.
- විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සහ වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරනවා.
- අවුරුදු 18 ට වැඩි සෑම කෙනෙකුටම බදු ගොනුවක් විවෘත කළ යුතු බව කිව්වද බොහෝ අය බදු ගෙවීමේ තත්ත්වයෙන් පහළ සිටිනවා.
- රාජ්‍ය වියදම් දැඩි ලෙස පාලනය කිරීම සඳහා චක්‍රලේඛන උපදෙස් ගණනාවක් නිකුත් කර තිබෙනවා.
- සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා කලින් විශ්‍රාම ගැන්වීමට අවසර ලබාදෙනවා. අවුරුදු 18 ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා.මෙය අනිවාර්ය නොවේ.
- 2023 වසර අග වන විට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දිය හැකි ඒවි යැයි සිතනවා පෞද්ගලික අංශයටත් ඒ වන විට සහනයක් දෙන්නට දෙන්න බලාපොරොත්තු වෙනවා.
- මෙරට කම්කරු නීතිය යල්පැන ගොස්ය. එබැවින් ආර්ථිකයට හා සේවකයින් ට ගැලපෙන පරිදි නව යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කෙරේ.
- යහපත් ව්‍යාපාර පරිසරයක් ඇති කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත රු මිලියන 200ක් වෙන් කෙරේ.
- ශ්‍රී ලංකාවේ සැපයුම් ලෝකයේ පළමු රටවල් 70ට ගෙන යෑමට 2023 සිට 2027 දක්වා තුන් අවුරුදු සැපයුම් සේවා සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දෙයි.
- දිගු කාලීන සමාජ සංහිඳියාවක් පවත්වා ගැනීමට හා සීඝ්‍ර ආර්තික වර්ධනයක් කරා ගෙන යෑමටත් බලාපොරොත්තු වෙනවා.
- අපි මෙය සිදුකළ යුත්තේ ගෝලීය සංසිද්ධීන් ගැන අවධානය යොමුකරමිනි.
- ආර්ථික ප්‍රතිසංස්කරණය හා ආර්ථික නවීකරණයට සුවිශේෂි අවධානයක් යොමු කරනු ලබනවා.
- මෙවැනි නව ආර්ථිකයක් බිහි කිරීම අභියෝගයක්.
- සමාජ ආරක්ෂක විවෘත ආර්ථික ක්‍රමයක් අපි බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා.
- පුද්ගලික ව්‍යවසායකයින් මෙන්ම නව ව්‍යවසායකයින් බිහි කළ යුතුයි.
- අපි මේ තත්ත්වය වෙනස් කළ යුතුයි.
- පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කළ යුතුයි
- මේ අර්බුදය මැද සුබ සාධන වැඩසටහන් වඩාත් කාර්යක්ෂම සිදුකළ යුතුයි.
- නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය මෙන්ම අනෙක් සියලු දෑ සමාජයේ සියලුදෙනාට එක සේ ලැබෙනවා ද යන්න සොයා බැලිය යුතුය.
- වර්තමාන තරුණ පරපුර එය අපේක්ෂා කෙරේ. ඒ නිසා නව ආර්ථික ක්‍රමයෙන් එය සිදුකළ යුතුයි.
- ජීවන රටා යළි පහළ මට්ටමට නොවැටෙන ලෙස නව ගමන ආරම්භ කළ යුතුයි.
- ගෙදර ආදායම ඉහළ යද්දි ජීවන රටාවත් ඉහළ යනවා.
- අපි සියලුදෙනා කැපවීම් කරන්නේ රට යළි නංවාලීමේ අදහසිනි.
- තවත් සියලු දුෂ්කරතාවයන්ගෙන් මිදෙන්න හැකිවී නෑ.
- ලෝක ප්රවණතා වෙනස්. ඒ නිසා ඒවාට ගැලපෙන ආර්ථික පසුබිමක් සැකසිය යුතුය.
- 1977 ආර්ථික පදනම දැන් ගැළපෙන්නේ නෑ.
- තරුණයින්ගේ අපේක්ෂාව යහපත් හෙට දවසක්. ක්‍රමවේදයේ වෙනසක්. අපි නව ආර්ථිකය නිර්මාණය කරන්නේ තරුණයින්ගේ හෙට දවස වෙනුවෙන්.
- ජාතික සම්පත් කියා සිතාගෙන ආයතන කෙරෙහි අවධානය යොමු කරද්දි සැබෑ සම්පත් අපිට ගිලිහෙමින් යනවා. තරුණයින් අපේ රට හැර යනවා.
- නිදහසින් පසුව 75 වසරක් පුරා අපි ජාතික සම්පත් රැකගැනීමට කතා කරලත් අපි සැබෑ ජාතික සම්පත් වෙනුවෙන් අනාගතයක් නිර්මාණය කර දී තිබෙනවා ද? අපේ රටේ තරුණ ප්‍රජාවට වෙනුවෙන් සිදුකර ඇති දේ ගැන සතුටු විය හැකි ද?
- චීනය හා ඉන්දීයාව සමග ණය ලබාගැනීම පිළිබඳ අදහස් හුවමාරු කරගන්නවා.
- උද්ධමනය යම් ප්‍රමාණයකින් පාලනය කරගැනීමට පුළුවන් වුණා.
- ලබන වසර අවුරුද්ද ඇතුළත ආර්ථික ස්ථාවරත්වය ඇති කරගැනීමට හැකි වෙනවා.
- අද අයවැය ඔස්සේ නව ලොව ආර්ථිකයකට පිවිසෙනවා.
