17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව, සුපිරි නළු විජේ නායකත්වය දෙන ‘තමිලග වෙට්රි කලගම්’ (TVK) පක්ෂය ආසන 108ක් දිනා ගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.
දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය හැසිරවූ DMK සහ AIADMK යන පක්ෂ දෙකෙහි ආධිපත්‍යය බිඳ දැමීමට විජේ සමත් වී ඇත. මෙවර මැතිවරණයේදී, DMK සන්ධානය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත් විය. AIADMK සන්ධානය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත් විය.
TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර ඇත.
කෙසේ වෙතත්, තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ තනිව බලය පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන 118ක බහුතරය සම්පූර්ණ කිරීමට TVK පක්ෂයට තවත් ආසන 10ක අවශ්‍යතාවක් පවතියි. ඒ අනුව, ඉදිරියේදී සභාග රජයක් පිහිටුවීම සඳහා විජේට වෙනත් පක්ෂයක සහාය ලබා ගැනීමට සිදුවනු ඇත.
විජේ මහ ඇමති ධුරයට පත්වුවහොත්, ඔහු එන්.ටී. රාමාරාඕ මහතාගෙන් පසුව සිනමාවෙන් දේශපාලනයට පිවිස මෙවැනි විශිෂ්ට ජයක් අත්කරගත් දෙවන නළුවා වනු ඇත.
