Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ipl පිටියට සමුදුන් පොලාඩ්ට මුම්බායි පෙලෙන් විශේෂ තනතුරක්

4 years ago

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් විශ්‍රාම ගන්නා බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලාඩ්ගේ අයි.පී.එල්. ගමන එලෙස නවතා දමන්නට ඉඩ නොදෙන මුම්බායි ඉන්දියන්ස් කළමණාකාරීත්වය 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සුපිරි බටහිර ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයා අයි.පී.එල්. තරගාවලිය තුළ වසර 13ක් අඛණ්ඩව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් ශූරතා 5ක් දිනා ගැනීම සඳහා මුම්බායි කණ්ඩායමට සහාය දක්වනු ලැබුවා.

hits :