Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වනිඳුට IPL හි හොඳ ඉල්ලුමක්! චාමික හා චමීර කණ්ඩායම්වලින් ඉවතට!

4 years ago

මීළඟ IPL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ව තම කණ්ඩායමේ රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර තිබේ.

ඔහුව ගියවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දියානු රුපියල් කෝටි 10.75කට අලෙවි විය.

ගියවර ipl තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 6 දෙනෙකු ක්‍රීඩා කළ අතර ඉන් ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙවර වෙන්දේසිය සඳහා නිදහස් කිරීමට එම කණ්ඩායම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, චාමික කරුණාරත්න ව තම කණ්ඩායමෙන් නිදහස් කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තීරණය කර ඇති අතර ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් දුෂ්මන්ත චමීරව නිදහස් කර තිබෙනවා.

hits : ipl පිටියට සමුදුන් පොලාඩ්ට මුම්බායි පෙලෙන් විශේෂ තනතුරක්

hits : රන් මිලේ වෙනසක්