Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අල්ලස් කොමිසම පට්ට ගැසූ අධිකරණ ඇමති

4 years ago

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පැමිණිලි හතර පහක් ඉදිරිපත් කළත් අදටත් ඒවාට එරෙහිව කිසිඳු පියවරක් ගෙන නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

මෙලෙස කටයුතු කරන කොමිසමකින් රටට ඇති ඵලය කුමක්ද යනුවෙන් එතුමා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියා.

ඒ පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම තමාගෙන් පැය හතර පහ ප්‍රශ්න කිරීම් නම්   හොඳට කළ බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා  මෙසේ පැවසූවේ අයවැය දෙවෙනි වර කියවීමේ විවාදයේදී ඊයේ(15) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.