Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහනය නතර කළාට උරණ වූ චීනා දඩ පොත ඉරා පොලීසියටත් සද්දේ දායි

4 years ago

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් දඩ පොත උදුරාගෙන ඉරා දැමු විදෙස් ජාතිකයෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට ජාත්‍යන්තර පාසළක ඉංග්‍රීසි භාෂාව උගන්වනු ලබන 40 හැවිරිදි චීන ජාතිකයෙකු බවයි වාර්තා වෙන්නේ.

එම චීන ජාතිකයා  තමාට අයත් මෝටර් රථයකින් මංතීරු නීති කඩමින් රිය පැදවූ බවට රථවාහන අංශයේ ආරක්ෂක කැමරා පාලන ඒකකය වෙත නිරීක්ෂණය වී ඇති අතර පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් වහනය නවත්වා සැකකරුගෙන් රියැදුරු බලපත්‍රය ඉල්ලා තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් දඩ පොත උදුරාගෙන එය ඉරා දමා ඇති අතර එම අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.