Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

6 months ago

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේදීත් තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.27ක් ලෙස සටහන් වී ඇත. එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වී ඇත්තේ රුපියල් 342.00ක් ලෙසිනි.

ඊයේ (04) දිනයේදී මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 339.50ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 340.50ක් ලෙසත් ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී ඩොලරයේ විකුණුම් මිලෙහි ඉහළ යාමක් මෙලෙස නිරීක්ෂණය කළ හැකිය.