Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහන ආනයනය ගැන රේගුවෙන් ප්‍රකාශයක්

6 months ago

අත්‍යවශ්‍ය නොවන ආනයන සීමාකිරීම සහ විදේශ විනිමය සංචිත මත ඇති වන පීඩනය අවම කිරීම අරමුණු කරගනිමින් වාහන ආනයන බදු මත 50% ක තාවකාලික අධිභාරයක් (Surcharge) පැනවූ බව බලධාරීන් ප්‍රකාශ කළද, 2026 වසරේදී වාහන ආනයනය කැපීපෙනෙන ලෙස අඩු වී නොමැති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා සනාථ කරයි.

මේ හේතුවෙන් රජය ක්‍රියාත්මක කළ මෙම ප්‍රතිපත්තියේ සඵලතාවය පිළිබඳව මේ වන විට දැඩි ප්‍රශ්නාර්ථයක් මතු වී තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු අධ්‍යක්ෂ ජනරාල් චන්දන පුංචිහේවා සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශය විසින් වාහන ආනයනය සම්පූර්ණයෙන් තහනම් කර නොමැති බවත්, සිදුකර ඇත්තේ පවතින රේගු බදු මත අධිභාරයක් පැනවීම පමණක් බවත්ය.

මෙම පියවර හරහා මේ වසරේ වාහන ආනයනය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ බව ද ඔහු පැවසීය.

කෙසේවෙතත්, රේගු දත්ත පෙන්වාදෙන්නේ එම අපේක්ෂාවන් ඉටු වී නොමැති බවයි.

චන්දන පුංචිහේවා වැඩිදුරටත් පවසන්නේ, රේගු දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායමෙන් 30% කට වඩා වැඩි ප්‍රමාණයක් තවදුරටත් උපයා ගනු ලබන්නේ වාහන ආනයනය මඟින් බවයි.

මෙම ප්‍රතිශතය 2025 වසරට සාපේක්ෂව බොහෝ දුරට වෙනස් වී නොමැත.