Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෝටි 60ක පාඩුවක් ලැබූ රාජ්‍ය ආයතනයකින් සුපිරි සාදයක්! කෑම පිගානක මිල රුපියල් 3700ක්!

4 years ago

සංවර්ධන ලොතරැයි මණ්ඩලය “සංවර්ධන අභිමන්” යනුවෙන් ලොකු පාටියක් කොළඹදී ලබන 19 වැනිදා පැවැත්වීමට සූදානම් වන බව දැන ගන්නට ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් වහා සොයා බලා කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (17) ඉල්ලීමක් කළේය.

මේ සාදයේ එක කෑම පිඟානක් රුපියල් 3700 ක් බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේම ගොවිසෙත ලොතරැයිය වාර පනස් හතක් මුද්‍රණය නොකිරීමෙන් එම මණ්ඩලයට කෝටි 60ක පාඩුවක් සිදු වී ඇතැයිද ජයසේකර මහතා පැවසුවේය.

ජයසේකර මහතා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසර ඇතුව ප්‍රකාශයක් කරමිනි.

hits : රිලවුන්ට පියා පත්තු කළ වෙඩිල්ල දියණියට වැඳෙයි! තුවාල ලැබූ දියණිය රෝහල්ගත කරයි!

hits : කල්පිටිය මුහුදෙන් හඳුනා නොගත් මත්ස්‍යයෙක් හමුවෙයි