Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය

5 months ago

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජය වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත්ව තිබේ.

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති තරගය පැවැත්වුණේ පාපන්දු ලෝක කුසලාන තරගාවලි තුනක් සඳහා දායකත්වය ලබාදුන් එස්ටාඩිඕ අස්ටෙකා ක්‍රීඩාංගණයේදිය.

රටවල් 48ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින මෙවර ලෝක කුසලානයේ පළමු තරගයේදී කණ්ඩායම් දෙකම ආරම්භයේ සිටම තියුණු සටනක නිරත වූ අතර, මෙක්සිකෝව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට ජූලියන් ක්විනෝන්ස්  සමත් විය.

පළමු අර්ධය අවසන් වූයේ ගෝල 1-0ක් ලෙස මෙක්සිකෝව පෙරමුණ ගනිමින්ය.

දෙවැනි අර්ධයේදී සිය සටන්කාමි තරගවිලාශය එලෙසින්ම පවත්වාගෙන ගිය මෙක්සිකෝ ක්‍රිඩකයින් තරගයේ 67වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස්කිරීමට රාවුල් ජිමිනෙස් වුණේ එස්ටාඩිඕ අස්ටෙකා ක්‍රීඩාංගණයට රැස්ව සිටි මෙක්සිකෝ ක්‍රීඩාලෝලීන්ව අමන්දානන්දයට පත්කරමින්ය.

ඒ අනුව නියමිත කාලය අවසානයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ගෝල 2-0ක ජයක් හිමිකර ගනිමින් මෙක්සිකෝව මෙවර ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කළේය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද කැනඩාවේ සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර අමෙරිකාවේ දී  පැවැත්වෙන සමාරම්භක උත්සවය අද පස්වරුවේ ලොස් ඇන්ජලිස් හිදි  පැවැත්වීමට නියමතයි.