Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මංගල උත්සවයට නිවෙසට ගෙනා දියණියගේ කනකර මව උකස් තියා කැසිනෝ ගහලා

4 years ago

විවාහ ගිවිසගෙන සිටි දියණියගේ මංගල උත්සවය නිමිත්තෙන් නිවසේ තැන්පත්කර තිබු රන් භාණ්ඩ උකසට තබා ලක්ෂ(40) හතලියක කැසිනෝ ගැසූ මව දියණියගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බව බොරැල්ල පොලිසිය කියයි.

බොරැල්ල සහශ්‍රපුර පදිංචි 21 හැවිරිදි දියණියක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව 44 හැවිරිදි සැකකාර මව මෙසේ අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

දියණිය විසින් මිලදීගෙන ඇති මෙම රන්භාණ්ඩ තවත් මාස කීපයකින් පැවැත්වීමට නියමිතව ඇති ඇගේ මංගල උත්සවය සඳහා නිවසේ අල්මාරියක තැන්පත්කර තිබියදී මව විසින් සොරකම් කළ බවට දියණිය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

පසුව එම රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකට ලබා දී මුදල් ලබාගෙන දෙවන වරටත් එම උකස් පත්‍රිකාව යටතේ නැවතත් මුදල් ලබාගෙන පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එසේ සොරකම් කළ රන්භාණ්ඩ නැවත බේරාදෙන බවට මව විසින් පවසා ඇතත් එම කටයුක්ත මව මගහැර සිටීම නිසා දියණිය විසින් සිය මවට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකාර මවගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ රන්භාණ්ඩ උකස්කර ලබාගත් ලක්ෂ 40ක පමණ මුදලක් ඇය කැසිනෝ ක්‍රීඩාව සඳහා යෙදවූ බව සඳහන් වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකාරිය ඊයේ (11) අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලදුව ලබන 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව බොරැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතා සිද්ධිය සම්බන්ධයන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවත් සඳහන් කර සිටී.

(ඇන්ටන් ප්‍රනාන්දු පනාගොඩ සහ කල්පනී පත්මපෙරුම)