Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අපට ගමට යන්න බෑ! විමධ්‍යගත මුදල් දෙන්න! මන්ත්‍රීවරු ජනපතිගෙන් ඉල්ලයි!

4 years ago

එක් එක් දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු සඳහා මන්ත්‍රීවරුන්ට දෙන විමධ්‍යගත අරමුදල් කඩිනමින් ලබා දෙන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ද මැති ඇමතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබෙනවා.

මන්ත්‍රීවරුන් සඳහා 2021 වසරේදී රුපියල්  ලක්ෂ සියයක මුදලක් විමධ්‍යගත අරමුදල් ලෙස ලැබුණු බවත් ,එහෙත් මේ වසරේ එය තවමත් ලැබී නැති බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන් ට සිය ගම්වලට ගොස් සංවර්ධන කටයුතු කිරීමට ඒ ඒ අමාත්‍යාංශවල මුදල් වෙන්කර ගන්නා නමුත් ,ආණ්ඩුවේ තනතුරු, වගකීම් නොමැති මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් නොලැබීම නිසා ගම්වල කිසිදු කටයුත්තක් කිරීමට නොහැකි වී ඇතැයි ද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ආර්ථික තත්වය අනුව මේ වසරේ විමධ්‍යගත අරමුදල් ලබා දිය නොහැකි බවත්,ආදායම් මට්ටම සතුටු දායක වුවහොත් ලබන වසරේ දී එය ලබාදීමට හැකිවනු ඇති බවත් සදහන් කර ඇත.