Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දසුන්ට IPL කණ්ඩායමක නායකත්වය හිමිවන ලකුණු!

4 years ago

මෙම වසරේ පිතිකරනයේ දී දැක්වූ දුර්වලතා හේතුවෙන් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඔවුන්ගේ නායක කේන් විලියම්සන් නිදහස් කිරීමට පසුගිය සතියේ තීරණය කළා.

ඒ, අනුව කේන් විලියම්සන් වෙනුවට නායකයෙකු තෝරා ගැනීම හයිද්‍රාබාද් කණ්ඩායමේ මීළඟ අභියෝගය වී තිබෙනවා.

ඒ, අනුව සන්රයිසස් හයිද්‍රාබාද් නායකත්වය සඳහා තරග කිහිපයක දී එම කණ්ඩායම මෙහෙය වූ බුවනේෂ්වර් කුමාර්ට අමතරව දකුණු අප්‍රිකාවේ නායකත්වය දැරූ ඒඩ්න් මාක්‍රම්ට ද අවස්ථාවක් පවතිනවා.

නමුත් 20යි 20 පිටිය තුළ වැඩි නායක අත්දැකීම් සහිත නායකයෙකු තෝරා ගැනීම හයිද්‍රාබාද් කණ්ඩායමේ අරමුණ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අයි.පී.එල්. 2023 වෙන්දේසියේ දී හයිද්‍රාබාද් නායකයා ලෙස ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩක මයන්ක් අගර්වාල්, එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් සහ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක එම ක්‍රීඩකයින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.