Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අභාවප්‍රාප්ත මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්

5 months ago

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සඳුදා (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. 

එදිනම උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කර තැබෙන අතර එහිදී ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව හිමිවේ.

කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ මරියසෙල් ගුණතිලක මහත්මිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) අලුයම අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඇය 68 වන වියෙහි පසුවූවාය.

බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක ලෙස ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ඇය, “කැන්ඩි ළමිස්සි”, “රහසයි සොඳුරු ජීවේ”, “සිහින නෙළුම් මල්”, “කුමරාණනේ” සහ “යොවුන් සීන ලෝකේ” ඇතුළු අතිශය ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කරමින් දශක ගණනාවක් පුරා රසික හදවත් දිනාගත් කලාකාරිනියකි.