Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ Baz-Ball යුගය නිම වෙයි

4 months ago

දිගු කලකට පසුව මව්බිමේදී නවසීලන්ත කණ්ඩා‍යම හමුවේ ලද වාර්තාගත ටෙස්ට් තරගාවලි පරාජයත් සමග එංගලන්ත ටෙස්ට් කණ්ඩා‍යමේ ප්‍රධාන පුහුණුකාර ධූරය බ්‍රෙන්ඩන් මැකලම්ගෙන් ඉවත් කර තිබෙනවා.. ඒ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව වසර 4 කට අධික කාලයක් එංගලන්ත ටෙස්ට් කණ්ඩා‍යමේ බ්‍රෙන්ඩන් මැකලම්ගේ පුහුණුකාරිත්ව පරිච්ඡේදය නිල වශයෙන් අවසන් වුණා.

කෙසේ නමුත් එංගලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් රටාවේ ප්‍රධාන පුහුණුකාරිත්වය ඔහු විසින් ඉදිරියටත් දරනු ලබනවා.

ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් පිටියේ කාගෙත් කතාබහට ලක්වුන BAZ-BALL යුගය නිල වශයෙන් නිමා විය.