Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලුම ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

4 months ago

2026 වර්ෂයට අදාළ ජාතික පාසල් වාර්ෂික සහ අනිවාර්ය ගුරු ස්ථාන මාරුවීම් සඳහා වන අයදුම්පත් http://nstt.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව (Online) කැඳවා ඇත.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයට අනුව ජාතික පාසල් ගුරුවරුන්ට ජූලි 16 වනදා සිට ජූලි 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ස්ථාන මාරුවීම් සඳහා අයදුම් කළ හැක.

මාර්ගගතව අයදුම් කිරීමෙන් අනතුරුව, එහි මුද්‍රිත පිටපත ජූලි 31 වනදා හෝ ඊට පෙර තමන් වැටුප් ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාර දිය යුතු වේ.

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,ගුරුවරුන් විසින් පෞද්ගලිකව රැගෙන එනු ලබන හෝ තැපැල් මාර්ගයෙන් යොමු කරනු ලබන කිසිදු අයදුම්පතක් අමාත්‍යාංශය විසින් භාර නොගන්නා බවය.