Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙවිනුවර වෙඩි තැබීමට ආ මෝටර් රථය දික්වැල්ලෙන් හමු වෙයි

4 months ago

දෙවිනුවර කාවඩි පෙරහැර සම්බන්ධයෙන් පාතාල කල්ලි දෙකක් අතර උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණය මැද ඊයේ (22) අලුයම දෙවිනුවර දේවාලය පිටුපස ගල්ඒදණ්ඩ පාරේ පිහිටි නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබු අතර වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය අද (23) උදෑසන දික්වැල්ල පොලිස් වසමෙන් හමු වී ඇත.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින පුද්ගලයෙකුගේ පෙම්වතියගේ නිවසට බව මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ දී එම නිවසේ සිට ඇත්තේ වයස්ගත කාන්තාවක් පමණක් බවද කියති.

මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදු කර වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයෙන් පලා යන අයුරු සී සී ටී වී කැමරා වල පටිගත වී තිබුණි.

වෙඩි තැබීම සිදු වු ස්ථානයේ තිබී හිස් පතොරම් කොපු තුනක් පොලීසිය සොයා ගෙන ඇත.
මෙම වෙඩි තැබීම පෞද්ගලික කෝන්තරයක් මත සිදු කලේද එසේත් නැති නම් දැනට කාවඩි පෙරහැර සම්බන්ධයෙනා ගැටුම්කාරී තත්වයක් ඇති කර ගෙන තිබෙන දෙවිනුවර දෙහි බාලේ මල්ලිගේ පාර්ශවයෙන් හෝ කංජිපානී ඉම්රාන්ගේ පාර්ශ්වයෙන් සිදු කර ඇත්ද යන්න මේ දක්වා නිශ්චිතව තහවුරු වී නොමැත.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු දෙවිනුවර දෙහි බාලේ මල්ලී නැමැත්තා පවසන බව කියන හඩපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (22) උදෑසන සිට සංස්කරණය වෙමින් තිබේ.

-උපුටාගැනීම-

“ඔය දුන්නේ ගමයි ආගමයි පාවා දීපු තම්…… පු… දීපු අපේ දෙවිනුවර ගමේ ඉන්න කැ… ගෝතයන්ට අපෙන් දීපු රියසල් එකක්.ඊ ලග එක බලමු පස්සේ.”