Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පණපිටින් වැළලුනු 5 හැවිරිදි දරුවා නිරුපද්‍රිතව බේරාගනී

4 years ago

දින දෙකක් සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු නිරුපද්‍රිතව බේරාගත් පුවතක් ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගියදා ඉන්දුනීසියාවේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර මෙම දරුවා සිරවී සිට ඇත.

සුන්බුන් අතර සිරවීමෙන් එම දරුවාගේ මව මියගොස් ඇත.

ඇයගේ සිරුර ආසන්නයේ නිරුපද්‍රිතව සිටි දරුවා සහන සේවකයින්ට නිරීක්ෂණය වී තිබුණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් අතරින් දිවි බේරා ගැනීමට සමත්ව ඇත්තේ එම දරුවා පමණක් බවය.

සුන්බුන් අතර සිරව ආහාර හෝ ජලය නොමැතිව දින දෙකක කාලයක් රැඳී සිටි 5හැවිරිදි දරුවාට මේ වනවිට හදිසි ප්‍රතිකාර ලබාදෙමින් සිටී.