Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි

4 months ago

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති, වර්තමාන ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා යොදා නොගන්නා ජනාධිපති මන්දිර 05ක් සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනය වන මෙම මන්දිර, ජනාධිපතිවරයාගේ නිල කටයුතු හා පෞද්ගලික විවේක අවස්ථාවන් සඳහා පවත්වාගෙන යනු ලැබුවද, වර්තමානයේ භාවිතයට නොගැනේ. එහෙත් ඒවා නඩත්තු කිරීම, ආරක්ෂාව සැපයීම සහ අනෙකුත් නඩත්තු වියදම් සඳහා වසරකට විශාල රාජ්‍ය මුදලක් වැය කිරීමට සිදුවී තිබේ.

උසස් වාස්තු විද්‍යාත්මක හා ආර්ථික වටිනාකම්වලින් මෙන්ම අංගසම්පූර්ණ පහසුකම්වලින් යුත් මෙම මන්දිර ආර්ථික වශයෙන් රටට ඵලදායී වන පරිදි උපයෝජනය කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණයි. රජය සතු බංගලා සහ මන්දිර ආර්ථිකමය වශයෙන් ඵලදායී ලෙස යොදා ගැනීමට පත්කළ කමිටුවේ නිර්දේශ මත මෙම ක්‍රියාවලිය සැලසුම් කර ඇත.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර සඳහා සුදුසු ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට නියමිතය:

  • බෙන්තොට
  • කතරගම
  • මහියංගණය
  • ඇඹිලිපිටිය
  • අනුරාධපුරය