Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙකෙන් එකක් දෙන්නම් කියා හිමිනමකගේ ලක්ෂ 470කට විද්ද 71 හැවිරිදි උපාසක අම්මා

4 years ago

විහාරාස්ථානයේ පිංකම්වලට සහභාගී වෙමින් විහාරයේ වැඩ වසන හිමිනමක සමඟ හිතවත්ව, උන්වහන්සේගේ රුපියල් කෝටි පහකට ආසනන් මුදලක් වංචා කළ 71 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වාර්තා වනවා. 
 
ඒ අනුව අදාල කාන්තාව විසින් කඩවත ප්‍රදේශයේ ඇති තමා සතු ඉන්ධන පිරවුම්හළක්
හිමියන්ට ලබා දෙන බව පවසමින් ඇය විසින් අදාල භික්ෂුවගෙන් මෙම මුදල් ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
මෙලෙස මෙම වංචාවට ගොදුරු වී ඇත්තේ කැලණිය ප්‍රදේශයේ විහරාස්ථානයක විහාරාධිකාරී හිමි නමක් බවයි ජාතික පුවත්පත්වල අද වාර්තා කර තිබුණේ. 
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්
අත්අඩංගුවට ගෙන ඇති මෙම කාන්තාව කැලණිය ගෝනවල පමණුවිල ප්‍රෙද්ශයේ පදිංචිකාරියක වන අතර ඇය කඩවත සහ ගනේමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හල් දෙකක හිමිකාරියක් බවත් එම පුවත් වාර්තා සඳහන් කරනවා. 
 
අදාල කාන්තාවට රැවටී රුපියල් ලක්ෂ 470ක මුදලක් අහිමි කර ගත් භික්ෂුව විශ්වවිද්‍යාල කථිකාචාර්ය හිමිනමක් ද වන බවට කරුණු වාර්තා වනවා.

ජපානය සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති තරුණ භික්ෂුවක් වන මේ හිමිනමට ජපානයේ විහාරස්ථානයක්ද හිමිව ඇති බව සඳහන්ය.

මේ හිමිනම විහාරාධිපති ධුරය දරන විහාරස්ථානයේ පෙහෙවස් සමාදන් වීමටද පැමිණෙන මේ කාන්තාව ඒ ඔස්සේ හිමිනම සමඟ කුලුපග වෙමින් මේ වංචාව කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

hits : බැසිල් පිළිගන්න ගිය කට්ටියට දුන් තේ පැන් සංග්‍රහයේ බිල ගෙවලා තියෙන්නේ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන්

hits : ඇමතිවරුන්ගේ කාර්ය සාධනය පිළිබඳ වාර්තාවක් ජනපති අතට! පිරිසකට ඇමතිධූර අහිමිවන ලකුණු!