Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඔබේ මුදල් ගිලින තහනම් පීරමීඩ ආයතනයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

4 months ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “TM App” නම් ආයතනය පිරමීඩ ආකාරයේ තහනම් මූල්‍ය යෝජනා ක්‍රමයක නියැලී සිටින, එය පවත්වාගෙන යන සහ ප්‍රවර්ධනය කරන ආයතනයක් ලෙස නිල වශයෙන් හඳුනාගෙන නිර්ණය කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ, මහජනතාව එවැනි නීතිවිරෝධී යෝජනා ක්‍රමවලට හසු වී මුදල් ආයෝජනය කිරීමෙන් වැළකී සිටින ලෙස මහ බැංකුව දැඩිව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව තුළ පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යාම මෙන්ම ඒවාට දායක වීම නීතිය අනුව දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි.

ඒ අනුව, සෘජුව හෝ වක්‍රව එවැනි තහනම් යෝජනා ක්‍රමයක් ආරම්භ කරන,  ප්‍රදානය කරන, ප්‍රවර්ධනය කරන, ප්‍රචාරය කරන, පවත්වාගෙන යන, මුදල් සපයන, කළමනාකරණය කරන හෝ මෙහෙයවන ඕනෑම පුද්ගලයකු 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83 (ඇ) වගන්තිය යටතේ දඬුවම් ලැබීමට යටත් වන වැරදිකරුවකු බවට පත්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙර හඳුනාගෙන ඇති මෙවැනි තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන සමාගම්, වෙබ් අඩවි සහ ජංගම දුරකථන යෙදවුම් (Apps) වල සම්පූර්ණ ලැයිස්තුවක් මහ බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මහජනතාවට පහසුවෙන් ලබාගත හැක.

එබැවින්, නීතිවිරෝධී මූල්‍ය උගුල්වලට හසු නොවී, මෙවැනි යෝජනා ක්‍රම පිළිබඳව දැඩි විමසිලිමත් වන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.