Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරේ

2 weeks ago

අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දී ඇත.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ මහතා පත් කර ඇත.

මේ අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ටී.ආර්.ඩබ්ලිව්.එස්. ධනපාල මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි එම මහත්වරුන් වෙත භාර දෙන ලදී.