Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තර මිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය

1 day ago

ඉදිරි උත්සව සමය වෙනුවෙන් වෙළෙඳපොළේ බිත්තර සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමත්, නිෂ්පාදන පිරිවැය වැඩි වීමත් හේතුවෙන් බිත්තර මිල ගණන් ඉහළ ගොස් තිබේ. මේ වන විට වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 42ත් 45ත් අතර මිලකට අලෙවි වන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා පවසයි.

මිල ඉහළ යාමට බලපෑ ප්‍රධාන හේතු:

  • නිෂ්පාදන ධාරිතාව පහත වැටීම: අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ දේශගුණික වෙනස්කම් නිසා සතුන්ගේ නිෂ්පාදන ධාරිතාව සියයට 80ක පමණ මට්ටමේ සිට සියයට 50ත් 60ත් අතර මට්ටමකට පහත වැටී ඇති බව මාරසිංහ මහතා පෙන්වා දෙයි.
  • සත්ත්ව ආහාර වියදම් ඉහළ යාම: සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා බඩඉරිඟු ඇතුළු අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිෂ්පාදන පිරිවැය වැඩිවීමට හේතු වී තිබේ.
  • උත්සව සමයේ ඉල්ලුම වැඩි වීම: ඉදිරි උත්සව සමය වෙනුවෙන් බේකරි නිෂ්පදන කටයුතු ආරම්භ වී ඇති බැවින් ඒ සඳහා බිත්තර සැපයුමද ඉහළ ගොස් ඇත.

මෙය කෘත්‍රිමව මිල ඉහළ දැමීමක් නොව, ඉල්ලුම සහ සැපයුම අතර පවතින වෙනස මත සිදු වූ මිල ඉහළ යාමක් බව අනුරසිරි මාරසිංහ මහතා අවධාරණය කරයි.

මේ අතර, බිත්තර මිල ඉහළ යාමේ මෙම තත්ත්වය ලබන වසරේ ජනවාරි මාසය දක්වා පැවතිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කර තිබේ.

නවතම පුවත් (Latest News)