Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්‍රන් මිලට ගන්න බලන් ඉන්න අයට සුබ ආරංචියක්! රන් මිල සීග්‍රයෙන් පහළ බසී!

3 minutes ago

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින අතර, මේ වන විට රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 3,526ක් ලෙස සටහන් වී තිබේ. ඒ අනුව, ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 3,500 සීමාවට ආසන්න වී ඇති අතර, එහි බලපෑමෙන් ශ්‍රී ලංකාවේ රන් මිල ද අද (නොවැම්බර් 20) රුපියල් 7,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.

අද (20) පෙරවරු 10.00ට යාවත්කාලීන කළ රන් මිල ගණන්:

  • කැරට් 24 රන් පවුමක්: අද රුපියල් 345,000ක් ලෙස සටහන් වී ඇත (ඊයේ පැවති මිල රුපියල් 352,000කි).
  • කැරට් 22 රන් පවුමක්: අද රුපියල් 317,400ක් ලෙස සටහන් වී ඇත (ඊයේ පැවති මිල රුපියල් 323,800කි).
  • ලෝක වෙළෙඳපොළ මිල: රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 3,526 දක්වා පහළ බැස ඇත.