Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගෙන් පුරෝකථනයක්

3 hours ago

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව, ඉදිරි මාසවලදී උද්ධමනය 9%ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි මහ බැංකු අධිපතිවරයා අද (20) සඳහන් කරනු ලැබුවේ.

2026 ඔක්තෝබර් මාසයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත උද්ධමනය 8.3%ක් ලෙස සටහන් වී තිබුණා.

කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය තවදුරටත් ඉහළ ගියද, 2027 වසරේ දෙවැනි භාගයේදී එය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරනවා.

ඒ අනුව, 2027 වසරේ දෙවැනි භාගය වන විට උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ 5%ක ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟා වනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.