Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සරසවි සිසුන් සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

4 years ago

අධ්‍යයන කාල සීමාව ඉක්මවූ පසු සරසවි තුළ රැඳී සිටින සිසුන්ට එරෙහිව පියවර ගන්නැයි සියලු උපකුලපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

මේ අතර, විශ්වවිද්‍යාලවලට ඇතුළු වී නියමිත කාලය තුළ උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සමහර සිසු සිසුවියන් විභාගවලට මුහුණ දීමට වඩා දේශපාලන කටයුතු කරමින් විභාගවලට පෙනී නොසිට අදාළ උපාධි කාල සීමා ද ඉක්මවා වසර 9ක් 10ක් වන කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

නියමිත කාලය තුළ විභාගවලට පෙනී සිට විශ්වවිද්‍යාලවලින් පිටව යා යුතු බවට නීතියක් දැනට පවතින විශ්වවිද්‍යාල කොමිෂන් සභා පනතේ සඳහන් නොවන නිසා ඔවුන් ඉවත් කිරීමේ ගැටලුසහගත තත්ත්වයක් පැවතීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

hits : නරුම පුතුගේ පොලු පහරින් පියා මරුට

hits : රාජ්‍ය ආයතන විසින් විවිධ උත්සව සඳහා දරනු ලබන වියදම් අත්හිටුවීමේ චක්‍රලේඛයක්