Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ

3 months ago

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්  සිදු කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.

ජනාධිපතිවරයා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවෙන් අනනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී රජීව් අමරසූරිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ජනාධිපතිවරයා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බවත්, එම සාකච්ඡාවෙන් පසු තීරණයෙන් වෙනසක් සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.