Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථ අනතුරෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළට

1 week ago

ඒ-9 මාර්ගයේ අනුරාධපුර – රඹෑව – වැලිඔය මංසන්ධියේදී මගී ප්‍රවාහන බස් රථ 03ක් එකිනෙක ගැටී අද (09)පෙරවරුවේ සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණි.  

අනතුරින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ 2ක් මුහුණට මුහුණ ගැටී ඇති අතර, අනතුරුව පෞද්ගලික බස් රථයක්ද එම බස් රථවල ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රඹෑව ප්‍රාදේශීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.