දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු ප්‍රකාශ සිදුකරන සියළු සෞඛ්‍යය නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග දියත් කරන බව නව චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.
සෞඛ්‍ය ලේකම් එස්. ජනක චන්ද්‍රගුප්ත මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව ආයතන සංග්‍රහය ප්‍රකාරව 2015.01.29 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව 2022.09.27 දිනැතිව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක SC/FR/371/2022 යටතේ නිකුත් කරන ලද නඩු තීන්දුවට අදාලව දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතිය නොමැතිව කිසිම රාජ්‍ය නිලධාරියෙකුට ජනමාධ්‍ය වෙත තොරතුරු ලබා දිය නොහැකි බව සෞඛ්‍ය ලේකම්වරයා පවසා තිබෙනවා.
මෙලෙස තොරතුරු ලබාදෙන නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය ප්‍රකාරව විනයානුකූලව දඬුවම් දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

