Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

13 වනදා නිවාඩුව වෙනුවට 18 වනදා පාසල් පැවැත්විය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

3 years ago

2023 නොවැම්බර් 12ට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන් දමිළ පාසල්වල අවශ්‍යතාවය සළකා බලා 13 වන සඳුදා දින නිවාඩු ලබා දී තිබෙනවා.

ඒ වෙනුවට 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

මෙසේ නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත දැනුම් දිය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.