රාගම වල්පොල ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
අදාළ ප්‍රදේශයේ නිවසකට පැමිණි නාදුනන තුවක්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මූලස්ථානය පැවසීය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද පොලීසිය සැක පළ කරයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු 17 හැවිරිදි සිසුවෙකු, කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
වෙඩිතැබීම සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

