Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මතුගම සලිත කළ බිහිසුණු ඝාතනය

3 years ago

මතුගම ප්‍රදේශයේ තියුණු ආයුධවලින් කපා කොටා අද (03) අලුයම පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මතුගම පොලීසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

නාඳුනන පුද්ගලයන් පිරිසක් පැමිණ අද අලුයම එම පහරදීම සිදු කර තිබෙනවා.

මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ තුවාලකරුව කළුතර – නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ.

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.