Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හැංගිමුත්තං සෙල්ලම 15 හැවිරිදි පුතුගේ ජීවිතය බිලි ගනී

3 years ago

මිතුරන් සමඟ නිවස අසළ ඉදිකරමින් පවතින නිවසක හැංගිමුත්තං සෙල්ලම් කරමින් සිටියදී උඩුමහලෙන් වැටී 15 හැවිරිදි පිරිමි ළමයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙරේදා (01) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කුරුණෑගල, හිඳගොල්ල, ගල්පොත්තවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ළමයෙක්.

ඉහළ මහලෙන් බිමට වැටී ඇති අතර, අනතුරින් පසු ඔහුව කඩිනමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මෙම ළමයාගේ මව වසර එකහමාරකට පෙර විදෙස් ගත වී තිබේ.