Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

තරුණ වෙළෙන්දියට පොලිස් ලොක්කා අඹවලින් ගහලා

3 years ago

පොලිස් නිල ඇඳුමින් සැරසී අඹ මිල දී ගැනීම සඳහා පැමිණි සහකාර පොලිස් අධිකාරිවර- යකු තමාට පහර දුන් බවට පවසමින් තරුණියක් හංවැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඇය පවසා ඇත්තේ එම නිලධාරියා විසින් ඇයට අඹ ගෙඩිවලින් සහ මිල දර්ශන පුවරු- වෙන් පහර දුන් බවයි.

අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ පිහිටි පළ- තුරු වෙළෙඳසලකට අඹ මිල දී ගැනීමට පැමිණි අවස්ථාවේ එහි මිල සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් ඔහු මෙසේ පහර දුන් බවත්, අනතුරුව තරාදියද ඇය දෙසට තල්ලු කර දැමූ බවත් තරුණිය වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ තරුණිය වයස අවුරුදු 21ක් වන මොන – රාගල දොඹගහවෙල ඇළේලන්ද ප්‍රදේශයේ පදිංචිකාරියක්.

එමෙන්ම මෙසේ පහර දී ඇත්තේ සීතාවක පොලිස් කොට්ඨාසයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරිවරයකු බවයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ. (source – hiru news)