Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සීඝ්‍රයෙන් පැතිරෙන මාරාන්තික දීලිරයක් ගැන නිවේදනයක්

3 years ago

අමෙරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන Candida auris නම් භයානක දිලීර ආසාදනයක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.

මෙම දිලීර ආසාදනය මුල් වරට සොයාගෙන තිබුණේ මීට වසර ගණනාවකට පෙරය.

නමුත් මාසයක් තුළදී වොෂින්ටන් හි ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තාවීමත් සමග ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමුව ඇත.

ඉතා වේගයෙන් ආසාදනය විය හැකි මෙම දිලීර ආසාදනය ඖෂධ ලබාදීම හරහා සුවකිරීම ද අපහසු බවයි පැවසෙන්නේ.

ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට මෙන්ම, ඔක්සිජන් නළ භාවිත කරන සහ කැතීට භාවිතයට ගනු ලබන රෝගීන්ට ඉතා පහසුවෙන් එම දිලීරය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥන් පවසයි.

ශරීරයේ විවෘත තුවාල සහ කන් ආශ්‍රිතව ද මෙම Candida auris ආසාදන තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.