Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවාස කුලියට ලබාදෙන්නන් හට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

3 years ago

යාපනය ප්‍රදේශයේ දරුණු අපරාධ රැසක් සිදුකළ ආවා නැමති කප්පම් කල්ලියේ නායකයා බවට සැළකෙන පුද්ගලයා ගල්කිස්ස – යශෝරාපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග පොලිසිය කුලී පදනම මත නිවාස ලබාදෙන්නන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව කුලී පදනම මත නිවසක් ලබාදෙන්නේ නම් එම නිවස කුලියට ලබාගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් සහ ඔවුන් සිදුකරන දෑ සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.

එම පුද්ගලයින් සම්බන්ධයෙන් සැකසහිත තත්ත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳව පොලිසිය දැනුම්වත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.