Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටවල් හතකට නොමිලේ වීසා

3 years ago

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වැඩිදියුණුව උදෙසා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලැබුණු බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඒ අනුව ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, චීනය, තායිලන්තය ඇතුළු රටවල් හතකින් එන සංචාරකයන්ට එම සහනය ලබාදීම සිදු කරන බවත් තවත් රටවල් 60කට නොමිලේ වීසා ලබාදීමේ තීරණය ගැනීමට කමිටුවක් පත් කළ බවත් ඇමැතිවරයා පැවසුවේය.

ස්ථාවර නියෝග 27(2) යටතේ අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
“වීසා ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කැබිනට් මණ්ඩලයේත් සාකච්ඡා කරනවා. වීසා හඳුන්වා දීමේදී දින 30 තනි වරකට පැමිණෙන වීසා එක සිස්ටම් එක තුළ නොතිබීම තමයි ගැටලුව වුණේ. ඒක ප්‍රායෝගික ගැටලුවක් වුණා. පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා කළේ නෑ කියලා කියනවා. මුදල් කමිටුවට මේ ගැන වාර්තා කර තිබුණා නම් පාර්ලිමේන්තුවේ අවධානයට එය යොමු කරන්න තිබුණා. රටවල් හතකට වීසා ෆ්‍රී ලෙස ලබාදී තිබෙනවා. රටවල් 60 කට වීසා ෆ්‍රී දෙන්න කියලා කමිටුවක් පත් කළා. එහි තීරණය ලැබීමට නියමිතයි.“