Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් කලාප දෙකක පාසල් හෙට සහ අනිද්දා වසා තැබීමට තීරණයක්

2 years ago

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන කොට්ඨාස සහ අධ්‍යාපන කලාප කිහිපයක පාසල් හෙට (14) සහ අනිද්දා (15) වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ. 

ඒ අනුව ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල පාසල් හෙට සහ අනිද්දා දිනයන්හි වසා දැමෙනු ඇත. 

එමෙන්ම බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට දිනයේ පමණක් වසා තැබෙන බවය.
 
ඊට අමතරව කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් ද හෙට සහ අනිද්දා වසා තැබෙනු ඇත.