නුවරඑළිය ප්රදේශයේදී මුදල් කොල්ලකා පුද්ගලයෙක් ඝාතනය කළ සැකකරුවන් තුන්දෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.
නුවරඑළිය ලංගම ඩිපෝවේ රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරුණේ පෙරේදා දිනයේයි.
එම සැකකරුවන් රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් කොල්ලකා තිබුණා.
ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙදෙනෙකු එම ඩිපෝවේ මුදල් අයකැමියා සහ රියදුරා බවටයි හෙළිවී තිබෙන්නේ.
