Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද පස්වරුවේ ප්‍රබල අකුණු

2 years ago

ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (27) පස්වරු 12.30ට නිකුත්කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි එම නිකුත් කර ඇත.

ඒ, අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත් සහ හම්බන්තොට, වව්නියාව මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.

එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.