Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පිටු 10ක කටඋත්තරයක් ලබා දී අල්ලස් කොමිසමෙන් නිහඬව පිටව ගිය රනිල්

2 years ago

අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන් පිටව ගොස් තිබේ.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.

මින් පෙර අවස්ථා දෙකකදී මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත්, අවුරුදු සමය සහ සිය නීතීඥවරයා විදේශගතව ඇති බව කරුණු දක්වමින් ඔහු එහි පෙනී සිටියේ නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා පිටව යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ඒ මහතාගේ නීතිඥවරයා සඳහන් කළේ හිටපු ජනපතිවරයා අල්ලස් කොමිසමට පිටු 10ක කට උත්තරයක් ලබා දුන් බවයි.