Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් විශ්වවිද්‍යාල සිසුවෙකුගේ ජීවිතයක් නවක වදයේ ගොදුරක් බවට පත්වෙයි ?

2 years ago

නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුවෙක් සිය නිවසේදී ගෙළ වැළ ලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා.

සිය දිවි නසා ගැනීමට පෙර ඔහු ලියූ ලිපියක දැක්වෙන්නේ මානසික පීඩනය දරා ගැනීමට නොහැකිව මෙම තීරණය ගත් බවයි.

පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි චරිත් දිශාන් නමැති මෙම තරුණයා සිය නිවසේදීම සිය දිවි නසාගෙන තිබුණා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබු ඔහු ඊයේ සිය නිවසට පැමිණීමෙන් අනතුරුව මෙලෙස සිය දිවි හානිකරගෙන තිබුණා.

මේ සම්බන්ධව මියගිය චරිත්ගේ මව හැඬු කඳුලින් මෙලෙස පැවසුවාය.

“එයාට ගියාට පස්සේ වධ දීලා මගේ පුතාට, යට කළිසමත් ගැලෙව්වාලු, බිත්තියේ ඔළුව වැද්දෙව්වාලු, මගේ හැට්ට කට්ටෙන් මගේ පුතාට ඇන්නාලු. ඒ කරලා කබඩ් එකක් ඇතුළට තල්ලු කරලා. ගෙදර ආවට පස්සේ අම්මිට මුහුණ දුන්නෙත් නෑ. මගේ දරුවා ඒ පීඩනේ මගෙත් එක්ක කියුවා…. ආයෙත් මේ වගේ දුකක් වෙන දරුවොන්ට දෙන්න එපා…..”

මේ අතර පසුගිය අවුරුදු දෙක පුරාවටම තම පුතාට විවිධ හිරිහැර සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සිදුකළ බව චරිත්ගේ පියා චෝදනා කළේය.

“පසුගිය අවුරුදු දෙක පුරාවටම මගේ පුතාට සීනියර් බැජ් එකේ ඉන්න අය නවකවධය දීලා තියෙනවා. මගේ පුතා මට නැතිවුණා.. මම කාරුණිකව ඉල්ලා සිටින්නේ අදාළ බලධාරීන්ගෙන් ඉදිරියට විශ්වවිද්‍යාලයට තේරි පත්වන ළමයින්ට මේ වගේ නවකවධයක් දීලා මේ දරුවන් අපහසුතාවට පත්වෙන්න නොදී බළධාරීන් නිසි පියවරක් ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා. “