මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අධිකරණය විසින් ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති ගිණුම් වාර්තා මෙතෙක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් 11 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (12) මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයට නියෝග කළා.
ඒ, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකර ඇති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී ඇප මත මුදාහැර සිටින පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියා.
