වත්මන් දරු පරපුර එළවළු, පළතුරු පරිභෝජනයෙන් වේගයෙන් ඈත්ව යන බවත්, මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ආකල්පමය වෙනසක් කඩිනමින් ඇතිකර ගත යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව ‘පෝෂණය’ යන විෂයය සෞඛ්‍ය අංශයට පමණක් සම්බන්ධ විෂයයක් නොවන බවත්, එය අමාත්‍යාංශ ගණනාවක මැදිහත්වීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර කරගත යුතු විෂයයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2025 ජාතික පෝෂණ මාසය වෙනුවෙන් බත්තරමුල්ල ‘වෝටර්ස් ඒජ්’ හෝටලයේ පැවැත්වූ ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
“එළවළු පලතුරු – සුවදෙයි නිරතුරු” යන කාලීන තේමාව යටතේ මෙවර ජාතික පෝෂණ මාසය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යනු පෝෂණය සම්බන්ධයෙන් ජයග්‍රහණය කළයුතු අභියෝග වලට මුහුණ දීමට සුදුසුම අමාත්‍යාංශය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනමාධ්‍ය විෂයට සැළකිය යුතු කාර්යභාරයක් පෝෂණ විෂයයෙහි ඉටු කිරීමට තිබෙන බව ද, මාධ්‍ය ආයතන මඟින් විකාශනය කරනු ලබන ප්රවෘත්ති, විද්වත් වැඩසටහන් පමණක් නොව විකාශනය වන සියලු වැඩසටහන් තුළ පෝෂණය සම්බන්ධයෙන් නිවැරදි පණිවුඩයක් ජනතාව අතරට ගෙන යාමට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සියල්ලටම ආරාධනා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
