Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද ලොකු වැස්සක්

1 year ago

දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල මෙලෙස අද (13) වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇති විය හැකියි.

මේ අතර හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සුළගේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර, මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.