දැනට ඊශ්රායලයේ පවතින තත්ත්වය හමුවේ ශ්රී ලංකාව බලා ගමන් කිරීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් ඉන්දීය ගුවන් සමාගම අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ අනුව ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා ගමන් කරන ගුවන් යානාවල ආසන කිහිපයක් ලබා දීමටයි ඉන්දියානු රජය එකඟ වී ඇත්තේ.
ඒ අනුව මෙම ගුවන් යානාවල ගමන් කිරීමට අපේක්ෂා කරන පිරිස තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචි වන මෙන් ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.
1. ටෙල්-අවිව් සිට ජෝර්දානයේ අම්මාන් නුවර දක්වා ප්රවාහන පහසුකම් නොමිලේ ලබා දෙනු ඇත.
2. අම්මාන් සිට නවදිල්ලිය දක්වා ගුවන් ගමන් සඳහා මුදල් අය කිරීමකින් නොමැත.
3. නවදිල්ලිය හා කොළඹ අතර ගුවන් ගමන සඳහා මුදල්ගෙවා ටිකට්පත ලබා ගත යුතුයි.
අදාළ ගමන්වල දී එම රටවල තානාපති කාර්යාල විසින් කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන බව ඊශ්රායලයේ ශ්රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරනවා.
මේ සඳහා උනන්දුවක් දක්වන පිරිස 2025 ජුනි මස 23 හා 24 වන දිනවල පමණක් ලියාපදිංචි කරන බවයි නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.
